Thursday 14 March 2019

Wifeගේ Operation එක......( මුළු මුනින්ම උපුටා ගැනීමකි.)

ගැබ්බර වෙලා ඉදපු තමන්ගෙ Wifeගේ
Operation එක,
අහම්බෙන් වගේ තමන්ටම කරන්න උනු
Docter කෙනෙක්,
කියන කතාවක්.......................................

ලද විට ඇමතුමක් මට සැත්කමක් කියා,
හනිකට දුව ගියෙමි කල වැඩ පසෙක දමා,
සූදානම් වෙලා බැලුවම කව්ද කියා,
රත් උනි සිරුර ඒ මගෙ රන්කදම තමා..........
සිනා පිරුනු නෙත්වල කදුලැලි පිරිලා,
අමාරුවට සියොලග දාඩිය දමලා,
විලිබර මුවින් හයියෙන් කෑ ගහලා,
රන්කද අඩනවා ඉන්නට බෑ කියලා.............
ආදරයෙන් මං හැමදා
සිප ගත්තූ,
ගැහැනියකගෙ සියුමැලි බව
විද ගත්තූ,
දස මාසයක් ඇස් දෙක මෙන්
රැක ගත්තූ,
නුබෙ කුස පලන්නේ කොහොමද
මං වස්තූ............................................
කැපුවට දෙනෝ දාහක් ගැහැනුන්ගෙ
බඩ,
වෙව්ලල එහෙම නෑ කවදාවත් ම
අත,
අරගෙන පිහිය තැබු විට බඩ මතට
තුඩ,
හිරිවැටුනානෙ සත්තයි සියොලගම
ඇග.......................................................
වෙව්ලන අතින් තද කර පිහිතුඩ
අල්ලා,
තැබුවිට බඩේ සියොලග ලේ කැටි
විද්දා,
දෙපලු කරන් බැලුවිට කුස තුල
ඉන්නා,
මන් මගෙ ඇස් දෙකෙන් අපෙ පැටියව
දැක්කා................................................
විලිබර වෙලා මහ හයියෙන්
මොර දීපූ,
නුබ ගොලු උනා පැටියගෙ
කටහඩ අහපූ,
යන්තන් සිනාවී කුස දෙස
නෙත් හෙලපූ,
නුබෙ තනයෙන් කිරි ගැලුවා
මගෙ වස්තූ.............................................
දෝතට අරන් අපෙ පැටියා
තුරුලු කරන්,
උනුහුමෙ තියන් හිටියා
ඇස් දෙකම පියන්,
රන්කද කියා ආදරයෙන්
තුරුලු කරන්,
ඉබිනා විට ආවා කිරි
සුවද ගලන්............................................
සත්තයි මැනික මින් පෙර මන්
කවදාවත්,
අසරන වෙලා නෑ මතකයි
හීනෙන්වත්,
නොකර බැරි කමට මන් නුබෙ
කුස පැලුවත්,
රිදුනෙ මටයි කදුලැලි නෙත් වල
තාමත්.................................................
පිය උරුමය ලැබ දෙන්නට මට
සොදුරූ,
මන් දැක්කා උහුලපු දුක නුබ
රුදිරූ,
අම්මෙක් වගේ හැමදා මන් ලග
නැහුනූ,
නුබ රකිනවා පන මෙන් ආදර
වස්තූ..................................................

නිර්මාණ අයිතිය මුල් කතුවරයා සතුවෙයි.
මෙම කවි පෙළ සහමුලින්ම උපුටා ගැනීමක් වන අතර , උපුටා ගත් තැන මෙහි නිර්මාපකයා කවුදැයි සදහන්ව තිබුනේ නැත.
(මෙහි වූ අතිශය සංවේදී බව නිසාම නැවත පළ කිරීමට සිතුවෙමි.)

Tuesday 12 March 2019

ෆෝන් එකෙන් බ්ලොග් පෝස්ට් ලියමු...

කියවීම මිනිසා සම්පූර්ණ කරයි ....
හැබැයි කියවන්න කවුරුහරි ලියලා තියෙන්න ඕන....

දැන් මම කියන්න යන්නේ කොහොමද අපි අතේ තියෙන ෆෝන් එකෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න කියලා .
හිතාගන්නත් බැරි තරම් සරල වැඩක් මේක ...සමහරු මේ ගැන දන්නවා ...නොදන්න අය එන්න මාත් එක්ක ...අපි ඉගෙන ගනිමු කොහොමද විනාඩි කිහිපයක් තුල බ්ලොග් පෝස්ට් එකක් නිර්මාණය කරගන්නේ කියලා .

පලවෙනිම සහ ප්‍රධානම කාරණය තමයි මේ වෙද්දි ඔබ සතුව සිංහල බ්ලොග් එකක් පවතින්න ඕන ,හෝ ඔබ බ්ලොග් එකක ලිපි ලිවීමේ අවසරය ලබා ගෙන තියෙන්න ඕන .
අපි හිතමු ඔබ මේ දෙකෙන් එකක් සම්පූර්ණ කළ අයෙක් කියලා .හරි දැන් වැඩේ පටන් ගනිමු .

  • යන්න ඔයාගේ Mobile phone එකෙන් Playstore එකට .
  • Download කරගන්න Blogger App එක.

  • ඊට පස්සේ පස්සේ ඒකෙන් login page එකෙන් ලොග් වෙන්න ඔයා බ්ලොග් එක හදපු Gmail ලිපිනය භාවිත කරලා .නැත්නම් ඔබ යම්කිසි බ්ලොග් එකක ලිපි ලිවීමේ අවසරය ලද අයෙක් නම් එම අවසරලත් Gmail ලිපිනය භාවිත කරලා ඇප් එකට ලොග් වෙන්න .
  • පහත පරිද්දෙන් ඔබට දකින්නට ලැබේවි .

  • දැන් ඉහත රූපයේ දක්වා ඇති පෑනක සලකුණ සහිත තැන ක්ලික් කරලා ඉදිරියට යන්න. එවිට පහත පරිද්දෙන් අලුත් පොස්ට් එකක් නිර්මාණය කරන තැන හමුවේවි.එම පිටුව තුල පහත ඉලක්කම් වලින් දක්වා ඇති අනුපිලිවෙලට තොරතුරු එක කරන්න.

  • අවසානයේ Post Content කියන තැනින් ඉදිරියට ගියාම ඔබව රැගෙන යාවි ඔබගේ මෙම බ්ලොග් පෝස්ට් එකේ අන්තර්ගතය එක් කරන තැනට .


  • දැන් මෙතන ඔයාට ලියන්න පුලුවන් ඔයා ලියන්න බලාපොරොත්තු වුන දේ .හරිම සරලයි..හෙළකුරු App එක පාවිච්චි කරලා සිංහලෙන් ටයිප් කරන්න .නැත්තං ඊටත් වඩා ලේසියි හෙළකුරු වල Sinhala voice typing පාවිච්චි කරන්න .මම මේ සම්පූර්ණ පෝස්ට් එකම ලියන්නේ ටයිප් කරල නෙමෙයි හෙළකුරු Voice Typing වලින්...
  • ඔබගේ අන්තර්ගතය එක් කිරීම නිම වුනායින් පස්සේ DONE බට්න් එක Click කරන්න....ඉන්පසුව පහත පරිදි පේජ් එකකට ඔබව රැගෙන යාවි .

  • මෙහි අංක එකෙන් දක්වා ඇති තැනින් ඔබ ලියමින් පවතින Post eka සේව් වීම සිදුවේ .
  • අංක දෙකෙන් දක්වා ඇති තැනින් ඔබගේ Post එක Publish වීම සිදුවේ .

..... ඔන්න ඔහොම තමයි හැමෝම අතේ තියෙන ෆෝන් එකෙන් ඉතාමත්ම ලේසියෙන් බ්ලොග් පෝස්ට් එකක් නිර්මානය කරන්නේ...මේ වැඩේදී කොතැනක හරි ගැටළුවක් මතු උනානම් Comment Section එකෙන් විමසන්න.

ඉතිං අපේ මේ බ්ලොග් එක කියවන ඔයාලට කියන්න දෙයක් තියනවා. මේ අපේ දෙවන ලිපිය..සහ තාක්ශණ කියන Label එකෙන් එන පලමුවෙන ලිපිය..
අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට සරල සහ සංකීර්ණ තාක්ෂණික තොරතුරු ඔබත් සමග බෙදා හදා ගන්නට..ඊට අදාල කරන මානව සම්පත් අපිත් එක්ක ඉන්නවා..හැබැයි ,, අපිට ඔයාලගේ ප්‍රතිචාරය ඉතාමත්ම වැදගත්...ඔබගේ අදහස Comment කරන්න පුලුවන්නම්...ඒක අපිට ලොකු මග පෙන්වීමක් වේවි...

එහෙනම්...ආයෙමත් ආදරෙන් ...අදට අපි වෙන් වෙමු....

Monday 11 March 2019

ආයුබෝවන් .. අපි ආයෙමත් ආදරෙන්.......////////

මේක අලුත් වැඩක් ...
හැබැයි විශේෂ වැඩක් .....දහසකුත් එකක් සිංහල බ්ලොග් අතරට අපි එන්නේ විශේෂිතව...
ඒකට හේතුව තමයි මේක සාමූහිකව නිර්මාණය වෙන බ්ලොග් එකක් වීම.  හොඳම සහ දැනෙන දේ තමයි කවුද මේ  සාමූහිකව කටයුතු කරන පිරිස කියන එක.......
ඇත්තටම මේ බ්ලොග් එක විශේෂ වන්නේ මෙන්න මේ පිරිස කවුද කියන එක මතයි.

කවුද ඇත්තටම අපි .....?????

අපි අපේ උපන් වර්ෂය කියලම අපි කවුද කියන එක හඳුන්වා දෙන්නම් .
මේ බ්ලොග් එක නිර්මාණය කරපු අපි හැමදෙනාම ඉපදිලා තියෙන්නේ 1977 අවුරුද්දේ යම් කිසි දිනක ..
මෙහෙමයි ,
අපි යාළුවො සෙට් එකක් .අපි එකම ඉස්කෝලේ එකට ඉගෙන ගත්තු එකම අවුරුද්දක එකට උසස් පෙළ විභාගයට මුහුණ දුන් යාලුවෝ සෙට් එකක්..
අපි අවසන් වරට හමුවෙලා වෙන්වෙලා ගිහිල්ලා අද වෙද්දි අවුරුදු විසි දෙකකුත් පැනලා ..
අපි අලව්ව මධ්‍ය මහා විද්‍යාලයේ 1996 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්න, හරිම අමාරුවෙන් අන්තර්ජාලයේ මුහුණු පොත පීරලා හොයා ගත්ත  යහළු,යෙහෙළියෝ සෙට් එකක් ...

අපි තමා ACC 96 BATCH එක... ඒ මීට අවුරුදු 22කට කලින්...

අපි හැමෝම දැන් අවුරුදු හතළිස් දෙකක් ඉක්මවූ වැඩිහිටියෝ. ලංකාවේ තැන් තැන් වල ජිවත් වෙන අපෙන් සමහරු දරුවන් තුන්දෙනෙක්, දෙන්නෙක්, එක්කෙනෙක් ඉන්න තාත්තලා අම්මලා .
කාලයත් එක්ක අපි විය පත් වෙලා ..නැත්තං අපි වයසට යන්න ආරම්භ කරලා..... .

හැබැයි අපි ආයේ හමු වුණා .....

මෙම ලිපිය ලියන මොහොතට මාසයකට පමණ පෙර අන්තර්ජාල මුහුණුපොතේ සැරිසරද්දී අහම්බෙන් වගේ පරණ යාළුවො කීපදෙනෙක් නැවත මුණ ගැහීම, ගොඩාක් ආදරෙන් නැවත  හිතවත්කම්  අලුත් වීම ,සහ ආයෙ සෙට් වෙලා යමක් කරමු ද ?   ..කියලා කෙරුණු කතාබහක ප්‍රතිඵලයක් විදියට තමයි මේ බ්ලොග් එක නිර්මාණය වෙන්නේ ...

ඉතින් ACC 96 අපි විසින් ,

  • ඉදිරියේදී අවශ්‍ය පරිදි පුද්ගලිකව අපි අපිව හඳුන්වා දේවි ...
  • හෙමි හෙමින් මේ බ්ලොග් අඩවිය සුන්දරව සහ හරවත්ව ඉදිරියට අරගෙන යාවි ....


මෙම ලිපිය කියවන ඔබ සැමට සුහදව  ආරාධනා කරනවා  ....රැදී ඉන්න අපි සමග..
කවුරු කොහොම කොතැනක හිටියත් ඇසිල්ලකට හෝ කදුළු පිරි දෙනෙතින් හැමදාමත් සිහිපත් කරන අපි හැමෝටම සුන්දරවූ ඒ පාසැල් මතකයේ කතාවයි මේ.............

සත්තයි, අපි..ආයෙමත් ආදරෙන්..........