Monday 11 March 2019

ආයුබෝවන් .. අපි ආයෙමත් ආදරෙන්.......////////

මේක අලුත් වැඩක් ...
හැබැයි විශේෂ වැඩක් .....දහසකුත් එකක් සිංහල බ්ලොග් අතරට අපි එන්නේ විශේෂිතව...
ඒකට හේතුව තමයි මේක සාමූහිකව නිර්මාණය වෙන බ්ලොග් එකක් වීම.  හොඳම සහ දැනෙන දේ තමයි කවුද මේ  සාමූහිකව කටයුතු කරන පිරිස කියන එක.......
ඇත්තටම මේ බ්ලොග් එක විශේෂ වන්නේ මෙන්න මේ පිරිස කවුද කියන එක මතයි.

කවුද ඇත්තටම අපි .....?????

අපි අපේ උපන් වර්ෂය කියලම අපි කවුද කියන එක හඳුන්වා දෙන්නම් .
මේ බ්ලොග් එක නිර්මාණය කරපු අපි හැමදෙනාම ඉපදිලා තියෙන්නේ 1977 අවුරුද්දේ යම් කිසි දිනක ..
මෙහෙමයි ,
අපි යාළුවො සෙට් එකක් .අපි එකම ඉස්කෝලේ එකට ඉගෙන ගත්තු එකම අවුරුද්දක එකට උසස් පෙළ විභාගයට මුහුණ දුන් යාලුවෝ සෙට් එකක්..
අපි අවසන් වරට හමුවෙලා වෙන්වෙලා ගිහිල්ලා අද වෙද්දි අවුරුදු විසි දෙකකුත් පැනලා ..
අපි අලව්ව මධ්‍ය මහා විද්‍යාලයේ 1996 වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දුන්න, හරිම අමාරුවෙන් අන්තර්ජාලයේ මුහුණු පොත පීරලා හොයා ගත්ත  යහළු,යෙහෙළියෝ සෙට් එකක් ...

අපි තමා ACC 96 BATCH එක... ඒ මීට අවුරුදු 22කට කලින්...

අපි හැමෝම දැන් අවුරුදු හතළිස් දෙකක් ඉක්මවූ වැඩිහිටියෝ. ලංකාවේ තැන් තැන් වල ජිවත් වෙන අපෙන් සමහරු දරුවන් තුන්දෙනෙක්, දෙන්නෙක්, එක්කෙනෙක් ඉන්න තාත්තලා අම්මලා .
කාලයත් එක්ක අපි විය පත් වෙලා ..නැත්තං අපි වයසට යන්න ආරම්භ කරලා..... .

හැබැයි අපි ආයේ හමු වුණා .....

මෙම ලිපිය ලියන මොහොතට මාසයකට පමණ පෙර අන්තර්ජාල මුහුණුපොතේ සැරිසරද්දී අහම්බෙන් වගේ පරණ යාළුවො කීපදෙනෙක් නැවත මුණ ගැහීම, ගොඩාක් ආදරෙන් නැවත  හිතවත්කම්  අලුත් වීම ,සහ ආයෙ සෙට් වෙලා යමක් කරමු ද ?   ..කියලා කෙරුණු කතාබහක ප්‍රතිඵලයක් විදියට තමයි මේ බ්ලොග් එක නිර්මාණය වෙන්නේ ...

ඉතින් ACC 96 අපි විසින් ,

  • ඉදිරියේදී අවශ්‍ය පරිදි පුද්ගලිකව අපි අපිව හඳුන්වා දේවි ...
  • හෙමි හෙමින් මේ බ්ලොග් අඩවිය සුන්දරව සහ හරවත්ව ඉදිරියට අරගෙන යාවි ....


මෙම ලිපිය කියවන ඔබ සැමට සුහදව  ආරාධනා කරනවා  ....රැදී ඉන්න අපි සමග..
කවුරු කොහොම කොතැනක හිටියත් ඇසිල්ලකට හෝ කදුළු පිරි දෙනෙතින් හැමදාමත් සිහිපත් කරන අපි හැමෝටම සුන්දරවූ ඒ පාසැල් මතකයේ කතාවයි මේ.............

සත්තයි, අපි..ආයෙමත් ආදරෙන්..........


1 comment: